Social Icons

facebookrss feedemailtwitter

Thursday, April 26, 2018

කොළඹ නව භූ ලක්ෂණ ඇතුළත් සිතියම මැයි මාසයේ

කොළඹ නගරයේ මෑතක සිදුවූ නව භූ ලක්ෂණ ඇතුළත් අංග සම්පූර්ණ සිතියම් කාණ්ඩ හැත්තෑවක් මැයි මස අවසන් විමට පෙර එළිදක්වන බව මිනුම්පති පී. එම්. පී උදයකාන්ත මහතා පවසයි. කොළඹ වරාය, නගරය ඇතුලු කොළඹ දිස්ත්‍රික්කයේ සිදු වූ නව වෙනස්කම් 66 ක් නව සිතියම් කාණ්ඩයේ දක්වා ඇති බව ද ඒ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති හැඩය සහ ප්‍රමාණය වෙනස් කරමින් රට තුළ මෑතක සිදුවූ නව භූ ලක්ෂණ ඇතුළත් සිතියම් කාණ්ඩ  92 කින් යුත් සම්පූර්ණ සිතියම මේ වසර අවසන් වීමට පෙර එළි දැක්වීමට කටයුතු කරන බවද ඒ මහතා පවසයි.