Social Icons

facebookrss feedemailtwitter

Friday, April 20, 2018

බාබරා බුෂ් සමුගනී

අමෙරිකාවේ හිටපු ජනපතිවරයෙකු වූ ජෝර්ජ් එච් ඩබ්ලිව් බුෂ්ගේ බිරිඳ, බාබරා බුෂ් අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිට පසුගියදා වෛද්‍ය ප්‍රතිකාරද ප්‍රතික්ෂේප කළ ඇය මියයන විට 92 වන වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.


අමෙරිකාවේ ජනාධිපතිවරයෙකු ලෙස කටයුතු කළ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ මව වන බාබරා බුෂ්, ජීවතුන් අතර සිටියදී සැමියා හා පුත්‍රයා යන දෙදෙනාම ජනාධිපති පදවියක් දැරීමේ භාග්‍යය හිමි වීමද විශේෂත්වයකි.


කලක් රෝගාතුර වී සිටි ඇය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීම පසුගියදා ප්‍රතික්‍ෂේප කරන ලදි. තම පවුලේ සාමාජිකයින් සමඟ සිටිමින් ප්‍රතිකාර ලබාගැනීම අවශ්‍ය බව ඇය සඳහන් කර තිබුණි. වැඩිහිටියන්ගේ සාක්‍ෂරතාව නගා සිටුවීම වෙනුවෙන් ක්‍රියා කළ ඇය සමාජ ක්‍රියාකාරිනියක ලෙස විවිධ වැඩසටහන් සිදු කරන ලදි.